පක්ෂය හැර දා ගිය අය නැවත කිසිම ආකාරයකින් පක්ෂයට සම්බන්ධ කර නොගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් පවසනවා.
ඔවුන් පක්ෂය හැර දා ගිය බැවින් පක්ෂයේ දෙවන පෙළක් නිර්මාණය වී ඇති බවත් එම දෙවන පෙළ වඩාත් සාර්ථකව කටයුතු කරන බවත් ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළා.
එමෙන්ම පක්ෂය හැර දා ගිය අයට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට සැලැසුම් කර ඇති බව ද වාර්තා වෙනවා.