පාපැදියෙන් රට වටා සංචාරයක නිරත වූ ප්රතිනි සමරදිවාකර දිරිය තරුණිය ඊයේ සිය සංචාරය අභිමානයෙන් අවසන් කළා.
ඉකුත් 12 වැනි දින මීගමුව බන්ධනාගාරය අසලින් ආරම්භ කළ සංචාරය දින 12කට පසු, එනම් ඊයේ (23) සංචාරයේ ආරම්භක ස්ථානය වූ මීගමුව බන්ධනාගාරය අසලින්ම අවසන් කළා.
මීගමුව, පුත්තලම, මන්නාරම, යාපනය, මරිසුවිල්, මුලතිව්, ත්‍රිකුණාමලය, මඩකලපුව, ආරුගම්බේ, බුත්තල, අම්බලන්තොට හා ගාල්ල හරහා ඇගේ ගමන් මාර්ගය වැටී තිබුණා.
කිලෝමීටර් 1400කට ආසන්න මෙම ගමන අවසානයේ සුප්‍රකට පාපැදි ශුරයෙකු වන බාලචන්ද්‍රන් විසින් ප්රතිනිට කුසලානයක් ද තිළිණ කළා.
දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි ප්රතිනි සමරදිවාකර කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක්.