“තමන්ගෙ විදුහලේ නොවන කෙනෙක් වෙනුවෙන් ඒ විදුහල විසින් මේ වගේ හමුවක් සංවිධානය කරපු පළවෙනි අවස්ථාව මේක. මීට කලින් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ. ඒක නිසා අද විශේෂ දවසක්” යැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක ඊයේ (23) මාතරදී ප්‍රකාශ කළා.
ඒ මාතර රාහුල විද්‍යාලයේ ආදි සිසුන් විසින් සංවිධානය කළ ‘NPP රහල් හමුව‘ වැඩසටහනට සහභාගී වෙමින්.
වැඩි දුරටත් අදහස් දක්වමින් “ලෝකෙ ගමන් කරේ පර්යේෂණ එක්ක. පුරෝකථන එක්ක. ඒත් අපි ගමන් කරේ ඉවට. අපිට පේන්නෙ අපි ඉවට ගිහින් කරපු දේවල් විතරයි. නොකරපු දේවල් අපිට පේන්නෙ නෑ. ඒත් ඒ නිශ්චිත මොහොතේ කළ යුතු, නමුත් නොකර හිටපු දේවල් නිසා අපිට කොච්චර දේවල් මඟහැරිලා තියෙනවද? අපිට කොච්චර දේවල් නැති වෙලා තියෙනවද? ඒ දේවල් ගැන අපි කතා කරන්නෙ නෑ.” යනුවෙන් ප්‍රකාශ කළා.
මෙම අවස්ථාවට ජාතික ජන බල වේගයේ ජාතික විධායක කමිටු සාමාජික සුනිල් හඳුන්නෙත්ති, ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම මෙන්ම රාහුල විද්‍යාලයේ ගුරුවරුන්, ආදි ගුරුවරුන් සහ ශිෂ්‍යයන් විශාල පිරිසක් සහභාගී වුණා.