තමන් ඝාතනය කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක වන බව මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා පිළියන්දල පොලීසියට පැමිණිල්ලක් සිදු කර තිබෙනවා.
ඩුබායිහි සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් විසින් ඉකුත් 21 වැනි දින මේ පිළිබඳව සාකච්ඡා කර ඇති බවත් දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර විසින් ඒ බව සඳහන් කරමින් වීඩියෝවක් සිදු කර ඇති බවත් චමුදිත සිය පැමිණිල්ලේ සඳහන් කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් තොරතුරු ඕනෑම මොහොතක පොලීසියට ලබා දීමට තමන් සූදානම් බව නාමල් කුමාර ප්‍රකාශ කළ බව ද පැමිණිල්ලේ සඳහන් කර ඇති චමුදිත මේ සම්බන්ධයෙන් ඉහළ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුට දුරකථනයෙන් දැනුම් දුන් බවත් වාර්තා වෙනවා.