යාවත්කාලීන නොකළ සියලු රියදුරු බලපත් අවලංගු කිරීමට තීරණය කළ බවට පැතිර යන ප්‍රචාරය සම්පූර්ණයෙන් අසත්‍ය බව ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම්වරයා පවසනවා.
යාවත්කාලීන නොවූ රියදුරු බලපත් මිලියන 2කට ආසන්න ප්‍රමාණයක් ඇතත් ඒ්වා අවලංගු කිරීමක් නොව යාවත්කාලීන කිරීමට නව ක්‍රමවේදයක් හඳුන්වා දෙන බවයි ඔහු පවසන්නේ. 60 දශකයේ නිකුත් කළ රියදුරු බලපත්‍රවල කල්ඉකුත්වීමේ දිනයක් සටහන් කර නැති බැවින් අලුත් කිරීමකින් තොරව භාවිතා කෙරෙන අතර ඒ්වා ගැන කිසිදු තොරතුරක් නැති බවයි පැවසෙන්නේ.
මෙකී යාවත්කාලීන කිරීමේ නව ක්‍රමය සඳහා වෛද්‍ය වාර්තා ලබා ගැනීමට හෝ හෝ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට පැමිණීමට අවශ්‍ය නැති බවද ලේකම්වරයා වැඩිදුරටත් පවසා සිටියා. තොරතුරු යාවත්කාලීන කිරීමක් පමණක් සිදුවන බවත් රියදුරු බලපත් අවලංගු කිරීමක් හෝ නව රියදුරු බලපතක් නිකුත් කිරීමක් කිසිසේත්ම සිදු නොවෙන බවයි ලේකම්වරයා අවධාරණය කරන්නේ.