Sat. Jun 28th, 2025

බාලතෙල් නිශ්පාදනාගාරයක් වටලයි

Aug23,2024

මිනිස් පරිභෝජනයට නුසුදුසු පොල්තෙල් නිශ්පාදනාගාරයක් මාලබේ කහන්තොට ප්‍රදේශයේදී පාරිභෝගික සේවා අධිකාරියේ නිළධාරීන් සමඟ එක්ව මාලබේ පොලිසිය වටලා තිබෙනවා.

අදාළ මධ්‍යස්ථානය පිළිබඳව ලද තොරතුරක් මත පොලිස් නිලධානින් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් සිදුකළ පරීක්ෂාවකින් අනතුරුව පාරිභෝගික සේවා අධිකාරිය දැනුවත් කිරීමට කටයුතු කර තිබුණා

ඒ අනුව එම ස්ථානයේ සිදුකළ පරික්ෂාවේදී මිනිස් පරිභෝජනයට නුසුදුසු පොල්තෙල් නිෂ්පාදනය කරන ආකාරය දැක එම ස්ථානය හිමිකරු අත්අඩංගුවට ගෙන ඇපකරයක් මත මුද හැරීමට කටයුතු කළ බවයි පොලිසිය පැවසුවේ .

එම ස්ථානයේ තිබී පොල්තෙල් යනුවෙන් හඳුන්වන පිරවූ ලීටර් 45 කෑන් 94 ක් මිලි ලීටර් 500 පිර වූ බෝතල් 73 ක් ලීටර් 45 හිස් කෑන් 240 ක් හමු වූ බවත් පසුව පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් එම නිෂ්පාදනාගාරයට මුද්‍රා තැබූ බවත් පොලිසිය සඳහන් කළා

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *