Wed. Apr 30th, 2025

ඉන්ධන විකුණන්න අලුත් තරඟකරුවෙක්

ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම ලබන මස සිට මෙරට ඉන්ධන බෙදා හැරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වෙනවා.

ඔවුන් ඉන්ධන පිරවුම්හල් 150 ක් හරහා ඉන්ධන බෙදා හැරීමට නියමිත බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.

යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම මෙරට ඉන්ධන වෙළඳ පොළට පැමිණි සිව්වන විදේශීය සමාගම වන අතර ඉන්දියාවේ අයි.ඕ.සී. සමාගමට, චීනයේ සිනොපෙක් සමාගමට සහ අමෙරිකාවේ ෂෙල් සමාගමට මෙරට ඉන්ධන බෙදාහැරීමේ අවසරය දැනට හිමිව තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *