Thu. May 1st, 2025

දුම්රිය මගීන්ට අද සිට E-Ticket

Aug23,2024

මගී දුම්රිය සඳහා විද්‍යුත් ටිකට් පත් ක්‍රමය හඳුන්වා දී තිබෙනවා.

ප්‍රවේශ පත්‍ර ලබා ගැනිම සදහා නිරන්තරයෙන් දිගු පෝලිම් දැකගත හැකි වනවා.

ඊට පිළියමක් ලෙසයි අන්තර්ජාල ප්‍රවේශ පත්‍ර මිලදී ගැනිමේ ක්‍රමය හදුන්වාදී තිබෙන්නේ.

www.prawesha.lk ඔස්සේ ක්‍රෙඩිට් කාඩ් හෝ ඩෙබිඩ් කාඩ් මගින් විද්‍යුත් ප්‍රවේශ පත්‍ර සදහා ගෙවීම් සිදුකළ හැකියි.

අදාළ ප්‍රවේශ පත්‍ර එස් එම් එස් හෝ විද්‍යුත් තැපෑල හරහා ලබා දෙන අතර දුම්රිය ස්ථානවල කිව් ආර් කේතයත් සමඟ එය වලංගු භාවයට පත්වනවා.

ඊ ටිකට් සදහා කිසිදු අමතර ගාස්තුවක් අය කෙරෙන්නේ නැහැ.

දුම්රිය ප්‍රවේශ පත්‍ර මුද්‍රණය සදහා එක් ප්‍රවේශ පත්‍රයකට රුපියල් 6.50ත් / 10ත් අතර මිලක් වැය කෙරුණා. ඊ ටිකට් පත් මගින් එම මුදල ද ඉතිරි කර ගත හැකි වනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *