Sat. Jun 28th, 2025

ජල ගාස්තු පහළට – ගැසට් පත්‍රය නිකුත් කෙරේ

Aug23,2024

ජල ගාස්තු සංශෝධනය කරමින් ගැසට් නිවේදනය නිකුත් කෙරුණා.

පසුගිය 21 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ජල ගාස්තු සංශෝධනය සිදු කළ බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරනවා.

සමෘද්ධිලාභීන් සහ වතු නිවාස හැර ගෘහස්ථ කාණ්ඩය, රජයේ පාසල්, රජයේ උපකෘත පාසල් කාණ්ඩය සහ රජයේ අනුමත පුණ්‍යායතන සහ රජයේ රෝහල් කාණ්ඩය යන අංශ මෙම නව ජල ගාස්තු සංශෝධනයට අයත් වේ.

මිල සූත්‍රය මත පදනම්ව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ගෘහස්ථ ජල පාරිභෝගිකයින්ගේ ජල ගාස්තු සියයට 7 කින්ද, රජයේ රෝහල්වල සියයට 4.5 කින්ද, පන්සල් සහ ආගමික ස්ථානවල සියයට 6.3 කින්ද අඩු කිරීමට අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ අනුව සමස්ථයක් ලෙස සියයට 5.94 කින් ජල ගාස්තු අඩු කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. ගෘහස්ථ කාණ්ඩයේ ඒකක 0 සිට 05 දක්වා ගාස්තුව ඒකකයක් රුපියල් 60 සිට 50 දක්වා රුපියල් 10කින් අඩුකෙරුණා. ඒකක 76 ත් 100ත් අතර ඒකකයක් සඳහා අය කරන ගාස්තුව රුපියල් 270 සිට 250 දක්වා රුපියල් 20කින් පහත දමා තිබෙනවා.

රජයේ සහ රජයේ උපකෘත පාසල් කාණ්ඩය සහ රජයේ අනුමත පුණ්‍යායතන සහ රජයේ රෝහල් කාණ්ඩය යටතේ සියලු ඒකකයක් සඳහා අය කළ රුපියල් 60ක ගාස්තුව රුපියල් 5කින් පහත දමා ඇති අතර, එහි නව ගාස්තුව වන්නේ රුපියල් 55කි.

මේ අතර ඒකකයක් රුපියල් 100ක්ව පැවති රජයේ රෝහල් සඳහා භාවිත කරන ජල ඒකකයක් රුපියල් 95ක් දක්වා රුපියල් 05කින් අඩුකිරීමට කටයුතු කෙරෙනවා. කෙසේ වෙතත් මෙම ජල ගාස්තු සංශෝධනය යටතේ මාසික සේවා ගාස්තුවේ කිසිදු සංශෝධනයක් සිදු කර නොමැත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *