Tue. Jun 24th, 2025

දෙවන දින වැඩි ගෞරවය එංගලන්තයට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරඟාවලියේ පළමු තරඟයේ දෙවැනි දිනය නිමා වුනේ තරඟයේ වැඩි ගෞරවය එංගලන්ත කණ්ඩායමට ලබා දෙමින්.

දිනය අවසන් වන විට එංගලන්ත කණ්ඩායම කඬුලු 06කට ලකුණු 259ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාවට වඩා ලකුණු 29ක් ඉදිරියෙන් සිටියා.

අනර්ඝ ඉනිමක් ක්‍රීඩා කරන ජෙමී ස්මිත් නොදැවී ලකුණු 72ක් ලබා සිටිනවා. ඊට අමතරව එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් හැරී බෘෘක් ලකුණු 56ක් සහ ජෝ රූට් ලකුණු 42ක් ලබා ගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අසිත ප්‍රනාන්දු කඬුලු 03ක් ද ප්‍රභාත් ජයසූරිය කඬුලු 02ක් ද විශ්ව ප්‍රනාන්දු එක් කඬුල්ලක් ද ලබා ගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී ලබා ගත්තේ ලකුණු 236ක් පමණයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *