Wed. Jun 25th, 2025

බඹර ප්‍රහාරයකින් පාසල් ළමුන් සිව් දෙනෙකුට තුවාල

Aug22,2024

බාහිර පන්තියකට සහභාගී වී ආපසු නිවස කරා ගමන් කරමින් සිටි පාසල් ළමුන් පිරිසකට (22) බඹර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

බගවන්තලාව කර්කස්වොල් වතුයායේ ගසක බැඳ තිබූ බඹර කූඩුවක් එකවරම ඇවිස්සී මාර්ගයේ ගමන් කරමින් සිටි පාසල් සිසුවියන් තිදෙනෙකුට හා එක් සිසුවෙකුට බඹරුන් පහර දී ඇති බවයි ප්‍රදේශවාසීන් කියා සිටියේ.

තවද මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුටද බඹර ප්‍රහාරය එල්ල වී ඇති බව අප වාර්තාකරු පවසනවා.

ඒ අනුව තුවාල ලැබූ පිරිස බගවන්තලාව රෝහලට ඇතුළත් කර අතර බරපතළ තත්ත්වයක් නොමැති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

පාසල් ළමුන් 14-16 හැවිරිදි වයස්වල පසුවන දරුවන් බව බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී ඒ.එස්.කේ ජයසුරිය
මහතා ප්‍රකාශ කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *