Sat. Jun 28th, 2025

රාජ්‍ය සේවයේ පඩි වැඩි වෙන හැටි

Aug22,2024

පවතින ආර්ථික හා සමාජ යථාර්ථය තුළ රාජ්‍ය සේවකයින් හට ඔවුන්ගේ අධ්‍යාපනික සුදුසුකම්, පළපුරුද්ද, දරනු ලබන වගකීම හා ඉටු කරනු ලබන කාර්යභාරය වැනි සාධක පාදක කොට ගනිමින් වර්තමානයේ පවතින මූලික වැටුප ඉහළ දමන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.

පහළම ශ්‍රේණි සඳහා අවමය 24%කින් හා ඊට අනුරූපීව සියළුම රාජ්‍ය සේවා වෘත්තිකයින් සඳහා 24% සිට 50% ට වැඩි අගයක් දක්වා වූ මූලික වැටුප 2025 වසරේ ජනවාරි මාසයේ සිට ඉහළ දැමීමට කටයුතු කරන බවයි වැටුප් විෂමතා සම්බන්ධ ජනාධිපති විශේෂඥ කමිටුවේ සභාපති උදය .ආර්. සෙනෙවිරත්න මහතා පවසන්නේ

පවතින උද්ධමනය හා ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන සියළුම රාජ්‍ය සේවකයින් සඳහා 2025 ජනවාරි මස සිට ජීවන වියදම් දීමනාව රුපියල් 25,000.00ක් දක්වා ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන බව රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවයන් පිළිබඳ සොයාබැලීමට පත් කළ විශේෂඥ කමිටුවේ සභාපති උදය සෙනෙවිරත්න මහතා සඳහන් කළා

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *