Fri. Jun 27th, 2025

බැංකු පොළී ඉහළ දාන්න සූදානම් වෙන බංග්ලාදේශය

Aug22,2024

බංග්ලාදේශය පොලී අනුපාත 8.5% සිට 9% දක්වා ඉහළ නැංවීමේ තීරණය ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත් කරනු ඇති බව එරට නව මහ බැංකු ප්‍රධානි ආචාර්ය අහ්සන් එච්.මන්සූර් පැවසූ බව එරට මාධ්‍ය වාර්තා කර සිටියා .

උද්ධමනය අඩු කිරීම සඳහා ඉදිරි මාසවලදී පොලී අනුපාත 10%ක් හෝ ඊට වඩා වැඩි කිරීම අත්‍යවශ්‍ය බවයි නව මහ බැංකු ප්‍රධානියා පවසා ඇත්තේ .

දේශපාලන නොසන්සුන්තාව, ඇඟලුම් අපනයනය නතරවීම හා ආදායම් උත්පාදන මාර්ග වැසීයාම ආදී හේතු මත මෙලෙස පොලී අනුපාත වැඩි කිරීමට සිදුවනු ඇති බවයි සඳහන් වන්නේ .

එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද බංගලාදේශයෙන් ඉල්ලා සිට ඇත්තේ එහි මුල්‍ය ප්‍රතිපත්තිය දැඩි කරන ලෙසයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *