ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ මුල් පෙළ පිතිකාරිණියක වන හර්ෂිතා සමරවික්‍රමට කැරබියන් ප්‍රිමියර් ලීග් තරඟාවලියට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබී තිබෙනවා.
ට්‍රින්බැගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම සමඟ එක්වීමට නියමිත ඇය මේ වන විට ඊට අදාළ ගිවිසුම් අත්සන් කර ඇති බව ද සඳහන් වෙනවා.
26 හැවිරිදි හර්ෂිතා පසුගිය වසර පුරා පිත්තෙන් ඉහළ දස්කම් දක්වමින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලබා ගත් ජයග්‍රහණවලට විශාල දායකත්වයක් ලබා දුන්නා.