Sat. Jun 28th, 2025

ජනාධිපති අපේක්ෂකයන් සැමට විවාදයට ඇරයුම්

2024 ජනාධිපතිවරණ අපේක්ෂක විවාදය සැලසුම් කර ඇති පරිදි සැප්තැම්බර් මස 7 වන දින ඒ ආකාරයෙන්ම පැවැත්වීමට කටයුතු කරන බවත් ඒ අපේක්ෂකයන් දක්වන උනන්දුව සැළකිල්ලට ගෙන විවාදය අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් මාර්තු 12 ව්‍යාපාරය පවසනවා.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය සඳහන් කරන්නේ මෙම විවාදය පැෆරල් සංවිධානයට විසින් සංවිධානය කරන බවට යන ප්‍රචාරය සාවද්‍ය බවයි. පැෆරල් සංවිධානය යනු මාර්තු 12 ව්‍යාපාරයේ මෙහෙයුම් කමිටු සාමාජිකයෙකු සහ සම කැඳවුම්කරුවෙකු පමණක් බව එම මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙනවා.

අදාළ මාධ්‍ය නිවේදනය පහතින්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *