Sun. Jun 29th, 2025

ඡන්ද පත්‍රිකා බෙදීම සැප්තැම්බර් 3 සිට

Aug22,2024

2024 ජනාධිපතිවරණය සඳහා අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රකා බෙදා හැරීමේ කටයුතු සැප්තැම්බර් 3 වනදා ආරම්භ කරන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පවසනවා.

ඒ මහතා පැවසුවේ එම කටයුතු සඳහා විශේෂිත දිනය ලෙස සැප්තැම්බර් මස 08 වනදා නම් කර ඇති අතර රජයේ නිවාඩු දිනයක් වන ඉරිදා දිනයේ පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා මෙම බෙදාහැරීම සිදු කරන බව ඒ මහතා පැවසීය.

එමෙන්ම ඡන්ද පත්‍රිකා ගෙයින් ගෙට බෙදාහැරීම සැප්තැම්බර් මස 14 වනදා අවසන් වනවා.

කෙසේ නමුත් මැතිවරණ දිනය දක්වාම තමන්ට ලිපි ලැබෙන තැපැල් කාර්යාලයට ගොස් රජකාරි වෙලාවන්හි දී සිය අනන්‍යතාවය තහවුරු කර තමන්ට හිමි නිල ඡන්ද පත්‍රකාව සිය අත්සන යොදා ලබාගත හැකි බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *