Sun. Jun 29th, 2025

කොළඹ විරෝධතාවකට අධිකරණයෙන් තහනම් නියෝගයක්

Aug22,2024

සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුව සහ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය මගින් සංවිධානය කර තිබෙන විරෝධතාවට එරෙහිව මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යංශය අවට මාර්ගවල ගමනාගමනය අවහිර වන පරිදි වාහන වලට සහ මහජනතාවට බාධාකාරී වන ලෙසට එම විරෝධතාවය පැවැත්වීමට කටයුතු කරන බවට ලැබුණු බුද්ධි තොරතුරක් මත මරදාන පොලීසියේ ස්ථානාධිපති මාළිගාකන්ද අධිකරණයෙන් කළ ඉල්ලීමකට ප්‍රතිචාර ලෙසයි එම අධිකරණ නියෝගය නිකුත්කර තිබෙන්නේ.

අද දින පෙරවරු 10 සිට රාත්‍රී 9 දක්වා සෞඛ්‍ය අමාත්‍යංශය අවට ඒකරාශී වී අවට ඇති මහා මාර්ගය, පදික වේදිකා භාවිත කළ නොහැකි ලෙස අවහිර කරමින් සිදු කරන උද්ඝෝෂණ සහ සෞඛ්‍ය අමාත්‍යංශයට ඇතුළු වීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කෙරුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *