Sun. Jun 29th, 2025

වර්ෂාවත් සමඟ යළිත් හිස ඔසවන ඩෙංගු

Aug22,2024

2024 වසරේ මෙතෙක් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 35,000 සීමාව ඉක්මවා ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

වාර්තා වූ මුළු රෝගීන් සංඛ්‍යාව 35,375 ක් වන බව සඳහන්.

ඉන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එය සඳහන් වන්නේ 8,599 ක් ලෙසයි.

එමෙන්ම සමස්ත බස්නාහිර පළාතෙන් රෝගීන් 14,448ක් වාර්තා වී ඇති අතර, ඒ පළාත අනුව වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ලෙසත් එය අගෝස්තු මාසයේදී පමණක් ඩෙංගු රෝගීන් 2,630ක් ලෙස වන බවයි දැක්වෙන්නේ.

ඒ අනුව පසුගිය දිනවල සිට ප්‍රදේශ කිහිපයකට ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් ඩෙංගු රෝගය උත්සන්න වී ඇති බවත් ඉන් මිදීම සඳහා අවට පරිසරය පිරිසිදුව තබාගනිමින් මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කරන ලෙස‍යි සෞඛ්‍ය නිලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *