තණමල්විල ප්රදේශයේ පාසලක ඉගෙනුම ලබන පාසල් සිසුවියක් සමූහ දූෂණය කිරිමේ සිද්ධියට සම්බන්ධ සැකකාර පාසල් සිසුන් 17 දෙනා සහ අධාර අනුබල දුන් කාන්තාව අද(22) දින වැල්ලවාය මහේස්ත්රාත් යලි ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
එමනඩු කටයුත්ත විභාග වන අද දින වැල්ලවාය මහේස්ත්රාත් අධිකරණය ඉදිරිපිට දැරියට සාධාරණයක් ඉල්ලා නිහඬ විරෝධතාවයක් ද පැවැත්වෙනවා.
එම නිහඬ විරෝධය ප්රදේශයේ කාන්තා සංවිධාන රැසක් එක්ව සංවිධානය කර ඇති අතර, මෙම අවස්ථාව ආවරණය කිරීම සඳහා ගිය මාධ්යෙව්දියෙකුටත් කලහකාරි ලෙස හැසිරුණු පුද්ගලයකු බැන තර්ජනය කර පහරදීමට උත්සාහ කර තිබුණා.
පොලිස් නිලධාරීන් විසින් එම පුද්ගලයා ඉවත් කිරීමට උත්සාහ දරණ විට ඔහු එම ස්ථානයෙන් පලා ගොස් තිබෙනවා.