Sat. Jun 28th, 2025

තවත් ඡන්දයක් පැවැත්වීමට අධිකරණ නියෝගයක්

ඉකුත් වසරේ මාර්තු මස 09 වනදා නියම කළ පරිදි පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම තුළින් එවකට මැතිවරණ කොමිසමේ සාමාජිකයින් හා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළා.

එසේම හැකි ඉක්මෙණින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට පියවර ගන්නා ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ කොමිසමට නියෝග කළා.

පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම නිසා ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ පැෆරල් සංවිධානය විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව දෙමිනුයි, ශ්‍රේෂඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *