Fri. Jun 27th, 2025

ඉන්දියාවේ සිම්ලා ගිය ” මම නෙවෙයි ” – දිනයි

Aug21,2024

ඉන්දියාවේ සිම්ලා ජාත්‍යන්තර චිත්‍රපට උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ” මම නෙමෙයි “(Here After Bygone) ඉදිරිපත් වූ චිත්‍රපටය , තරඟකාරී අංශයේ විශේෂ ජූරි සභාවේ සම්මානය දිනා ගෙන , එම චිත්‍රපටයේ නිෂ්පාදකවරුන් දෙදෙනෙකු (21) දහවල් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

දිල්හානි ඒකනායක සහ සංජීව උපේන්ද්‍ර යන නළු නිළි දෙපළ පමණක් මෙහි රගපෑම සිදු කළ අතර ශ්‍රී ලංකාව වටා කිලෝ මීටර් 1,497 ක් නගරයෙන් නගරයට ගමනේ යෙදෙමින් ඔවුන් සිය අතීත මතකය යළි මතකයට ගෙන එන චිත්‍රපටයක් බවයි ඔවුන් සඳහන් කළේ.

මෙම චිත්‍රපටය විනාඩි 93 ක විකාශන කාලයක් සහිත වෘතාන්ත චිත්‍රපටයක්ය.

මේ වනවිට රටවල් 08 ක ජාත්‍යන්තර චිත්‍රපට උළෙල සදහා ඉදිරිපත් වී තිබෙන අතර 2022 වසරේ කොස්ටාරිකා සෙන් ජෝශ් ( San Jose) සිනමා උළෙලේ දී හොදම පර්යේෂණාත්මක චිත්‍රපටයට හිමි සම්මානය ද දිනා ගෙන තිබෙනවා.

චිත්‍රපටයේ නිෂ්පාදකවරුන් 05 දෙනෙකු සිටින අතර ඔවුන් සියලුම දෙනා රේගු නිලධාරීන් වීම ද විශේෂත්වයක්.

චිත්‍රපටයට හිමි සම්මානය රැගෙන නිෂ්පාදකවරුන් දෙදෙනෙකු පැමිණි අතර ඔවුන් පිළිගැනීම සදහා මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂ එම්.සෆීර් මහතා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *