Fri. Jun 27th, 2025

පෙදරේරුවාට වෙඩි තැබූ ඝාතකයෝ පයින්ම පැනගිහින්

May13,2024

අහුන්ගල්ලේ දී පසුගිය 10 වැනිදා රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමකින් තිදරු පියෙකු මියගොස් තිබේ. මෙසේ මියගොස් ඇත්තේ අහුන්ගල්ල මරදානේ පදිංචිව සිටි එස්. පියල් ගාමිණී නමැති 54 හැවිරිදි පෙදරේරුවෙකි.

මුහුණු ආවරණය කරගත් දෙදෙනකු රාත්‍රි 7.45 ට පමණ පැමිණ පණිවිඩයක් පැවසීමට හමුවීමට වුවමනා යැයි පවසා ඇති අතර නිවෙසේ නිදා සිටි මෙම පුද්ගලයා අවදී වී එම ස්ථානයට එද්දී ඔහුට වෙඩි තබා සැකකරුවන් පළා ගිය බව නිවැසියෝ පවසති.

තුවාලකරු බළපිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවත් වෙඩි තැබූ ඝාතකයන් වෙඩි තබා පයින්ම ඇවිද ගොස් ඇති බවත් පවසන පොලිසිය එම සතිය තුළ දී අහුන්ගල්ල ප්‍රදේශයේ සිදු වූ දෙවන වෙඩි තැබීම බවද කියයි.

අහුන්ගල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *