Sun. Jun 29th, 2025

පාසල් සිසුවියට අතවර කල කොන්දොස්තර අත්අඩංගුවට

May13,2024

 

සිසුසැරිය බස් රථයක පාසල් යමින් සිටි වයස අවුරුදු 15ක දැරියක් අතරමගින් බස්සවාගෙන ගොස් ලිංගික අපයෝජනයට ලක් කළ බව කියන සිසුසැරියේ කොන්දොස්තරවරයා කුලියාපිටිය පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

වැවගම කුලියාපිටිය සිසුසැරිය බස් රථයේ කොන්දොස්තරවරයා වූ වැවගම කොස්ගහමුල හන්දියේ පදිංචි විවාහක දෙදරු පියකු පෙරේදා (11 දා) එලෙස අත්අඩංගුවට ගෙන තිබිණ.

දැරියගේ මව සේවය කරන පාසල නිමවී නිවසට පැමිණි අවස්ථාවේ දැරිය නිවසේ සිට ඇති අතර ඒ පිළිබඳව සැක සිතූ මව දැරියගේ යෙහෙළියන් අමතමින් මේ පිළිබඳ සෙවීමේදී දැරිය එදින පාසල් ගොස් නොමැති බව අනාවරණය කරගෙන ඇත. ඒ අනුව වැඩිදුරටත් සොයාබැලීමේදී සැක සහිත කරුණු රැසක් හෙළිවීම නිසා දැරිය කැටුව පැමිණ පොලිසියට පැමිණිලි කිරීමේදී පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ ඇය සියල්ල පවසා ඇත.

සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වින්දිත දැරිය මේ වනවිට වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා කුලියාපිටිය ශික්‍ෂණ රෝහලට යොමුකොට ඇත.

කුලියාපිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක වජිර ඉන්ද්‍රජිත් මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක සාවිත්‍රි සිරිමාන්න, උප පොලිස් පරීක්‍ෂක මාලනී, කාන්තා පොලිස් කොස්තාපල් පෙරේරා (12792) යන නිලධාරීහු සැකකරු අත්අඩංගුවට ගෙන ඉදිරි පරීක්‍ෂණ මෙහෙයවති.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *