Sat. Jun 28th, 2025

කජු වලින් ඉතිහාස ගත වෙයි

Aug21,2024

කජු නිෂ්පාදනයෙන් ඉහළ ආදායමක් ලබාගැනීමට රජයට අයත් හලාවත වැවිලි සමාගම සමත්ව තිබෙනවා.

ඉතිහාසයේ වැඩිම ආදායම මෙසේ වාර්තා කළ බවයි එම සමාගමේ පාලන අධිකාරීය පවසන්නේ.

මෙරට කජු රසයෙන් මෙන්ම ගුණාත්මක බවින් ඉහළම මට්ටමක පැවතීම ඊට හේතුවයි.

වියලි කලාපයේ සාර්ථකව වැවෙන කජු ගොවීන්ට ඉහළ ආදායමක් ලබා දෙන සාර්ථක වගා ව්‍යාපෘතියක්.

මෙය මනාව අවබෝධකරගත් හලාවත වැවිලි සමාගම තම්බපන්නි/ මංගලඑලිය /වතුකොට්ඨාස/ හලාවත සහ බිංගිරිය වතුකොට්ඨාස තුළ හෙක්ටාර 800 කට වඩා වැඩි භූමියක කජු වගාව ආරම්භ කළා.

ඉන් මේ වන විට සාර්ථක අස්වැන්නක් වසර තුනක් පුරා ලැබෙමින් පවතිනවා.

ටොන් 200 කට වැඩි වාර්තාගත කජු අස්වැන්නක් ලබාගත හැකි වූ අතර පලුගස්වැව වතු කොට්ඨාසය තුළ පිහිටි කජු සැකසුම් මධ්‍යස්ථානයේදී සැකසෙන කජු අපනයනයට ද පියවර ගෙන තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *