Sun. Jun 29th, 2025

නැගෙනහිර යුක්රේනයේ තවත් නගරයක් රුසියා හමුදාව අල්ලා ගනී

Aug21,2024

ඩොනෙට්ස්ක් ප්‍රදේශයේ විශාල ජනගහනක් වාසය කරන නියු-යෝර්ක් නම් කුඩා නගරය අල්ලා ගත් බව රුසියානු හමුදාව පවසනවා.

කෙසේ වෙතත් යුක්රේන හමුදාව නියු-යෝර්ක් නගරයේ බලය අහිමි වීම තහවුරු කර නැහැ.

යුක්රේනය රුසියාවේ කර්ස්ක් ප්‍රදේශයේ භූමිය අත්පත් කර ගැනීමේ එක් අරමුණක් වන්නේ ද මෙලෙස අල්ලා ගත් යුක්‍රේන භූමි ප්‍රදේශ නිදහස් කරන ලෙසට බල කිරීමක් ලෙසයි.

යුක්රේනයේ ප්‍රධාන අණදෙන නිලධාරී ඔලෙක්සැන්ඩර් සිරස්කිගේ නායක්ත්වයෙන් ඔවුන් මේ වන විට රුසියා ගම්මාන හා නගර 93 ක බලය අත්පත් කරගෙන සිටිනවා.

එමෙන්ම යුක්‍රේන ජනාධිපති වොල්දොමීර් සෙලෙන්ස්කි පවසන්නේ රුසියානු හමුදා විනාශ කිරීමට හැකි සෑම දෙයක්ම සිදු කරන බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *