Sun. Jun 29th, 2025

රැවුල නැති තලේබාන් හමුදා සාමාජිකයින් සේවයෙන් නෙරපයි

Aug21,2024

රැවුල වැවීමට අපොහොසත් වීම හේතුවෙන් තලේබාන් සංවිධානයේ සදාචාර අමාත්‍යාංශය විසින් ආරක්‍ෂක හමුදාවේ සාමාජිකයින් 280කට වැඩි පිරිසක් සේවයෙන් පහ කර ඇති බව වර්තා වනවා.

මීට අමතර පසුගිය වසර තුළ “අශීලාචාර ක්‍රියාවන්” සම්බන්ධයෙන් 13,000කට අධික පිරිසක් ඇෆ්ගනිස්ථානයේ රඳවාගෙන ඇති බවයි බලධාරීන් පවසන්නේ.

කෙසේ වෙතත් ඔවුන්ව රඳවා තබාගෙන ඇත්තේ පැය 24 ක කාලයක් පමණක් බව සඳහන්.

ඉන් අනතුරුව ඔවුන්ව නිදහස් කර තිබෙනවා.

සදාචාර අමාත්‍යාංශයේ සැලසුම් සහ නීති සම්පාදන අධ්‍යක්ෂ මොහිබුල්ලා මොක්ලිස් මාධ්‍ය හමුවක් පවත්වමින් පවසා ඇත්තේ, පසුගිය වසර තුළ සංගීත භාණ්ඩ 21,328 ක් ඔවුන් විනාශ කර ඇති බවයි.

මීට අමතරව පරිගණක ක්‍රියාකරුවන් විසින් සදාචාර විරෝධී චිත්‍රපට විකිණීමෙන් ද වලක්වා ඇති බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

රැවුලක් නොමැති ආරක්ෂක හමුදා සාමාජිකයින් 281 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන් ඉස්ලාමීය නීතිය පිළිබඳ අර්ථ නිරූපණයට අනුකූලව සේවයෙන් පහ කර ඇති බව ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *