Sat. Jun 28th, 2025

ඇස් අන්ධ වූවෝ කෙහෙළියගෙන් කෝටි 30ක් ඉල්ලති

Aug21,2024 #2024 #news #police

නුවරඑළිය රජයේ මහ රෝහලින් කළ ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මවලින් පසු ලබා දුන් ඖෂධ නිසා පෙනීම අහිමිවීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සෞඛ්‍ය සහ රෝහල් බලධාරීන්ගෙන් කෝටි 30ක වන්දියක් අය කර දෙන්නැයි ඉල්ලා කොළඹ දිසා අධිකරණයේ නඩුකරයක් ගොනු කර තිබෙනවා.

තමන් සදාකාලික අන්ධභාවයට පත්වීමට මෙම ඉන්දියන් සමාගම හරහා බෙහෙත් ගෙන්වූ විත්තිකරුවන් වග කිව යුතු බවයි පෙත්සම්කරුවන් කියා සිටින්නේ.

තමන් 2023 අප්‍රේල් මාසයේ දී ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මය නුවරඑළිය මහරෝහලෙන් සිදුකරගත් පසු ලබා දුන් ඖෂධ ඇසට යෙදූ බවත් පසුව ඇස්වල වේදනා ඇති වී කරකැවිල්ලක් හටගත් බවත් පවසන පෙත්සම්කරුවෝ එයින් පසු තමන් අන්ධභාවයට පත් වූ බව පවසනවා.

මෙම වන්දි මුදල් අයකරගැනීම සඳහා වගඋත්තරකරුවන් ලෙස හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු 11 දෙනෙක් නම් කර තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *