දිස්ත්‍රික්ක 04ක් ශ්‍රී ලංකාවේ කේන්ද්‍රස්ථාන බවට පත් කිරීමට තමන් බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. කොළඹ, ගාල්ල, මහනුවර සහ ත්‍රිකුණාමලය එම දිස්ත්‍රික්ක 04 බව පෙන්වා දුන් ඔහු මහනුවර නරගය පිළිබඳ සැලසුම් වැඩිදුරටත් ඉදිරිපත් කළා.
මේ අතරින් මහනුවර නගරය සංස්කෘතික හා කලා මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බවත් මධ්‍යම අධිවේගි මාර්ගය කටුගස්තොට දක්වා පුළුල් කිරීම පිළිබඳව ජපානය සමඟ සාකච්ඡා කර ඇති බවත් චෙන්නායිහි IIT ආයතනයේ මධ්‍යස්ථානයක් මහනුවර ඉදිකිරීම සම්බන්ධයෙන් ඉන්දියාව සමඟ සාකච්ඡා කර ඇති බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. එසේම මහනුවර නගරයේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ද විශේෂ සැලසුම් ගණනාවක් සකස් කර ඇති බව ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නා.