පවතින අයහපත් කාලගුණ තත්වය නිසාවෙන් දිවයිනේ දිස්ත්රික්ක 6ක ප්රාදේශීය ලේකම් කොට්ඨාස 32ක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබෙනවා. ඒ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින්.
කළුතර දිස්ත්රික්කයේ ඉංගිරිය, බුලත්සිංහල, කෑගල්ල දිස්ත්රික්කයේ දෙහිඕවිට, දැරණියගල, වරකාපොල, බුලත්කොහුපිටිය, රුවන්වැල්ල, යටියන්තොට, රත්නපුර දිස්ත්රික්කයේ රත්නපුර, කුරුවිට, නිවිතිගල, අයගම, කිරිඇල්ල, පැල්මඩුල්ල, කලවාන, ඇහැලියගොඩ, ඇලපාත යන ප්රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාව වෙත අවධානයෙන් සිටින ලෙසයි නිවේදනය කර ඇත්තේ.
කොළඹ දිස්ත්රික්කයේ සීතාවක, ගාල්ල දිස්ත්රික්කයේ යක්කලමුල්ල, ඇල්පිටිය, නාගොඩ, නෙළුව සහ කළුතර දිස්ත්රික්යේ වලල්ලාවිට, පාලින්දනුවර, අගලවත්ත, දොඩංගොඩ, මතුගම, හොරණ සහ කෑගල්ල දිස්ත්රික්කයේ කෑගල්ල, ගලිගමුව, අරණායක සහ නුවරඑළිය දිස්ත්රික්කයේ අඹගමුව යන ප්රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාවට විමසිලිමත්ව සිටින ලෙස දන්වා තිබෙනවා.
මෙම නිවේදනය අද (21) පස්වරු 4 දක්වා වලංගු බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ.