ගාල්ල උණවටුන වෙරළ තීරය දැඩි ලෙස ඛාදනය වෙමින් ඇතිබව ප්‍රදේශවාසි ජනතාව පවසයි.
මේ වනවිට වෙරළ තීරයේ වැලි ස්ථරය දැඩි ලෙස ඛාදනය වෙමින් තිබේ.
වෙරළ තීරයේ තිබූ බොහෝ වැටකෙයියා ඇතුළු තෘණ පඳුරු මුහුදු රළට හසුවී ගැලවීගොස් ඇතිබව ජනතාව පවසයි.
පවතින ඛාදන තත්වය තවදුරටත් පැවතියහොත් වෙරළ තීරය සමීපයේ ඇති සංචාරක හෝටල් ඇතුළු ගොඩනැගිලි මුහුදට ඛාදනය වීමේ අවධානමක් පවතියි.
වෙරළ තීරය ආරක්ෂාවීම සඳහා යොදා තිබූ තාවකාලික ගල් වැටිද මේ වනවිට ගැලවීගොස් තිබේ.
වෙරළ තීරය ආරක්ෂා කර ගැනීම සඳහා ප්‍රදේශයේ ජනතාව විසින් වැලිකොට්ට අතුරා තිබේ.
එය වෙරළ තීරය ආරක්ෂා කර ගැනීම සඳහා කිසිසේත් ප්‍රමාණවත් නොවන බව පවසන ජනතාව තාවකාලික ආරක්ෂාව පමණක් ඇති බව පැවසීය.
පවතින වාරකන් කාලය තුල මුහුදු රළ ප්‍රචන්ඩ බැවින් වෙරළ තීරය වැඩි වශයෙන් ඛාදනය වෙයි.
වෙරළ තීරය තවදුරටත් ඛාදනය වුවහොත් එය මෙරට සංචාරක කර්මාන්තයට ද දැඩි බලපෑමක් වනු ඇතිබව සංචාරක හෝටල් හිමියන් පවසයි.
දෙස් විදෙස් සංචාරකයන් ඉතා ප්‍රිය කරන උනවටුන වෙරළ තීරය ආරක්ෂා කර ගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් අවශ්‍ය බව ප්‍රදේශයේ ජනතාව පවසයි.