කුලියාපිටිය ප්‍රදේශයේ තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ පෙම්වතිය අත්අඩංගුවට ගෙන තිබේ.
ඝාතනයට ආධාර අනුබල දීම සහ අපරාධය වසන් කිරීමේ චෝදනා මත සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසුවේය.
අත්අඩංගුවට ගත් සැකකාරිය 18 හැවිරිදි වස්සාවුල්ල, ඉලුක්හින්න ප්‍රදේශයේ පදිංචිකාරියකි.
පසුගිය 22 වනදා කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි මෙම තරුණයා සිය පෙම්වතිය බැලීම සඳහා කුලියාපිටිය වස්සාවුල්ල ප්‍රදේශයට ගොස් සිටිය දී අතුරුදන්වු තරුණයාගේ මළ සිරුර හලාවත මාදම්පේ ප්‍රදේශයේ තිබී පසුගිය දා සොයා ගැනුණි.
සිද්ධිය සම්බන්ධයෙන් කුලියාපිටිය වස්සාවුල්ල පදිංචි පෙම්වතියගේ පියා වන සුජිත් ප්‍රනාන්දු නොහොත් ‘සිඟිති’ නමැත්තා සහ ඔහුගේ බිරුඳ වන දිලානි රසිකා යන අය මීටපෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළේය.
තරුණිය ගැබ්ගෙන! කුලියාපිටියේ තරුණයා මරා දැමූ හේතුව සැකකරුවන් වමාරයි