Sat. Jun 28th, 2025

සීමාව පැන්නොත් ගෙදර යවන්නත් පුළුවන්

ජනාධිපතිවරණය අවසන් වී දින 21ක් ඇතුළත සිය වියදම් වාර්තා භාර දිය යුතු බව මැතිවරණ කොමිසම විසින් සියලුම ජනාධිපති අපේක්ෂකයන්ට දැනුම් දී තිබෙනවා.

නියමිත කාලයට තොරතුරු ඉදිරිපත් කිරීම ප්‍රමාද වුවහොත් හෝ සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කර ඇති බව තහවුරු වුවහොත් හෝ නියමිත ප්‍රමාණය ඉක්මවා වියදම් කළහොත් නියම කරන දඬුවම් පිළිබඳව ද කොමිසම දැනුම් දී තිබෙනවා. ඒ අනුව ඉහත සඳහන් වැරදි තුනෙන් එකක් හෝ සිදු කළ බව තහවුරු වුවහොත් රුපියල් ලක්ෂයක දඩයක් නියම කිරීම හෝ ධුරය අහිමි කිරීම, වසර තුනක කාලයකට ඡන්ද අයිතිය අහිමි වීම හෝ අපේක්ෂකත්වය අහිමි වීම සිදු වනු ඇති.

මැතිවරණය වෙනුවෙන් ලබා ගත් මුදල්මය සහ ද්‍රව්‍යමය ණය පිළිබඳවත් ආධාර ලබා දුන් පුද්ගලයන් පිළිබඳවත් මෙම වාර්තාවේ තොරතුරු ඇතුළත් කළ යුතුයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *