Sat. Jun 28th, 2025

‘ළමුන් ගෙදර තියාගන්න’ වෛද්‍ය උපදෙස්

කැස්ස, හෙම්බිරිසාව, උණ වැනි රෝගී තත්ත්වයන් පවතින්නේ නම් ඒ දරුවන්ව පාසල් හෝ පෙරපාසල් නොයවා ගෙදර තියා ගැනීම සුදුසු බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.

එයට හේතුව ළමා හතිය වැනි රෝගී තත්ත්වයන් සේම ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වයන් ද ඉහළ ගොස් තිබීම බවයි, ඒ මහතා වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.

“කැස්ස හුස්ම ගැනීමේ අපහසුව තියෙනවා නම් මේක ළමා හතිය ඇති වීමක් වෙන්න පුළුවන්. දෙවනුව වෛරස් උණ පැතිරයෑමේ හැකියාවකුත් තියෙනවා. දැනටත් ඉන්ෆ්ලුවෙන්සා සහ ඒ හා සමාන වෛරස් උණ කිහිපයක් පැතිරිලා තියෙනවා. විශේෂයෙන් ඉහළ ස්වසන මාර්ගයේ වෛරස් උණ තමා පැතිරිලා තියෙන්නේ. ඒ තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකියි. ඒ නිසා පුළුවන් තරම් කැස්ස, හෙම්බිරිසාව, උණ තියෙනවා නම් ඒ දරුවන්ව ගෙදර තියා ගන්න. රෝග ලක්ෂණ තියෙනවා නම් ඒ අයට මාස්ක් එකක් පලඳවන්න. ඊට පස්සේ ළමා හතියත්, ස්වසන රෝගත් වැඩිවීම ගැන අපි කල්පනාකාරී විය යුතුයි.‘‘ යනුවෙන් වෛද්‍යවරයා ප්‍රකාශ කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *