තෝරාගත් ජනාධිපතිවරණ අපේක්ෂකයන් 06 දෙනෙකු පමණක් සහභාගි කර ගනිමින් පැෆරල් සංවිධානය විසින් පැවැත්වීමට නියමිත විවාදය පිළිබඳව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ විසින් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් සිදු කර තිබෙනවා.
ස්වාධීන මැතිවරණ නිරීක්ෂණ ආයතනයක් වන පැෆරල් සංවිධානය පක්ෂග්‍රාහීව කටයුතු කරනු ඇති බව මේ ඔස්සේ පැහැදිලි වන බවත් මෙම විවාදය ඔස්සේ ජනාධිපතිවරණයට තරඟ කරන සෙසු අපේක්ෂකයන්ට අසාධාරණයක් සිදු වන බවත් එම පැමිණිල්ලේ වැඩි දුරටත් සඳහන් වෙනවා.
ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරමින් හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මෙවර ජනාධිපතිවරණයට පෙනී සිටිනවා.