මෙවර ජනාධිපතිවරණයේදී තැපැල් ඡන්ද ප්රකාශ කිරීමට ඡන්ද දායකයින් ලක්ෂ 7කට අධික පිරිසක් සුදුසුකම් ලබා තිබෙන බව මැතිවරණ කොමිසම පවසනවා.
එය පසුගිය ජනාධිපතිවරණයේදී හා මහ මැතිවරණයේදී තැපැල් ඡන්ද ප්රකාශ කිරීමට සුදුසුකම් ලැබූ පිරිස ඉක්මවා යාමක් බවයි කොමිසම වැඩි දුරටත් පවසන්නේ.
සැප්තැම්බර් 04 වැනි දින දිස්ත්රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල සහ පොලීසිය යන ආයතන සඳහාත් සැප්තැම්බර් 05 සහ 06 දෙදින සෙසු රාජ්ය සේවකයන් සඳහාත් තැපැල් ඡන්ද ප්රකාශ කිරීමට දින නියම කර තිබෙනවා.
එම දිනවල තැපැල් ඡන්දය ප්රකාශ කිරීමට නොහැකි වන රාජ්ය සේවකයින්ට සැප්තැම්බර් 11 සහ 12 දෙදින තුළ ඒ සඳහා අවස්ථාව සලසා දී තිබෙනවා.