ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු මඟින් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙනවිත් ප්‍රවාහනය කරමින් තිබූ අමු ඉඟුරු කිලෝ 519 ග්‍රෑම් 750 සමඟ සැකකරුවකු අත්අඩංගුවටගත් බව මන්නාරම පොලිස් විශේෂ කාර්ය බලකාය පවසනවා.
මන්නාරම යුද හමුදා කඳවුරේ බුද්ධි නිලධාරීන් වෙත ඉන්දියාවේ සිට සිදුකරන ජාවාරම් සම්බන්ධයෙන් ලැබුණ බුද්ධි තොරතුරක් මත සිදුකළ වැටලීමකදී ට්‍රැක්ටර් රථයකින් රැගෙනයමින් තිබූ අමු ඉඟුරු තොගය සමඟ සැකකරු අත්අඩංගුවටගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.
මේ දින වල දිවයිනේ විවිද ප්‍රදේශවල ඉඟුරු මිල ඉතා අධිකවීම සහ ඉඟුරු හිඟය හේතුවෙන් ජාවාරම් සිදුකරන පුද්ගලයින් ඉන්දියාවේ සිට අමු ඉඟුරු ගෙන්වා වැඩි මිළට අලෙවි කිරීම සිදුකරන බවට අනාවරණය වූ බවත් පැවසීය.
සැකකරු පොලිතින් උර කිහිපයක් තුල අමු ඉඟුරු ඇසුරුම් කර රැගෙනයමින් සිට ඇති අතර එම ඉඟුරු විවිධ ප්‍රදේශවලට රැගෙන යාමට සූදානම් කොට .
අත්අඩංගුවටගත් සැකකරු මන්නාරම ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයක්.