Sat. Jun 28th, 2025

ගාසා තීරයේ සෞඛ්‍ය පද්ධතිය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙයි

Aug20,2024

ගාසා තීරයේ සෞඛ්‍ය පද්ධතිය සම්පූර්ණයෙන්ම බිඳවැටී ඇති බව හමාස් සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරනවා.

හමාස් සංවිධානය හා ඊශ්‍රායලය අතර සටන් විරාමයක් ඇති කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වුවද ගාසා තීරය ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය අඛණ්ඩව ප්‍රහාර එල්ල කරනවා.

ඊයේ දිනයේ දී පමණක් ඊශ්‍රායල ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 35 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් අතරින් නව දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ජගත් සංවිධානය යටතේ ක්‍රියාත්මක වූ අවතැන් කඳවුරකට එල්ල වූ ප්‍රහාරයකින් බවද සදහන්.

ඉන්ධන නොමැතිවීම් හේතුවෙන් රෝහල්වල ක්‍රියාකාරීත්වය අඩපණ වී ඇති අතර කුඩා දරුවන් සිය ගණනක් මියයාමට ඉඩ ඇති බවට ගාසා සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.

පසුගිය වසරේ ඔක්තෝබර් 15 වන දින සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාරයන්ගෙන් ජීවිතක්ෂයට පත්ව ඇති පලස්තීන සාමාන්‍ය වැසියන් සංඛ්‍යාව 40,099ක් වන අතර තුවාල ලබා ඇති සංඛ්‍යාව 92,609ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *