Sat. Jun 28th, 2025

PAYE බද්දේ සීමාව රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ දෙක දක්වා වැඩි කරනවා – අනුර

Aug19,2024

තම පාලනයක් තුළ PAYE හෙවත් උපයන විට බද්ද සඳහා දැනට පවතින සීමාව රුපියල් ලක්ෂයේ සිට රුපියල් ලක්ෂ දෙක දක්වා වැඩි කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

ඒ අනුව එම බද්දට යටත් වනුයේ ආදායම රුපියල් ලක්ෂ දෙකට පසුව පමණක් බවයි ඔහු සඳහන් කළේ.

දැනට පවතින ලක්ෂයේ සීමාව හේතුවෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, බැංකු නිලධාරීන් වැනි වෘත්තියවේදීන්ගේ වැටුපෙන් වැඩි කොටසක් ආණ්ඩුව බදු ලෙස කපා ගන්නා බවද, ඒ හේතුවෙන් ඔවුන් අඛණ්ඩව රට හැර යන බවද ඔහු​ පෙන්වා දුන්නා.

සීමාව ලක්ෂ දෙක කිරීමෙන් රජයට අහිමි වන්නේ රුපියල් බිලියන 54ක් පමණක් බවත්, දැනට බදු ගෙවීම් පැහැර හැර ඇති අයගෙන් බදු අයකරගැනීම හරහා එම මුදල පළමු වසර තුළදීම සොයාගත හැකි බවයි ඔහු අවධාරණය ක​ළේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *