පැතොන්ටාන් ශිනවත්‍රා (Paetongtarn Shinawatra) තායිලන්ත නව අගමැතිනිය ලෙස ඊයේ (18) එරට රජු මහා වජිරලොංකෝන් (Maha Vajiralongkorn) ඉදිරියේ දිවුරුම් දුන්නා.
තායිලන්ත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් නව අගමැතිනිය ලෙස පත් වූ 37 හැවිරිදි සුරූපී පැතොන්ටාන් තායිලන්ත ඉතිහාසයේ මෙන්ම ගිනිකොණදිග ආසියානු කලාපයේම ලාබාලතම අගමැතිනිය ද වෙනවා.
එරට ව්‍යවස්ථාදායක අධිකරණය විසින් හිටපු අගමැති ශ්‍රේත්තා තවිසින් බලයෙන් පහ කිරීමෙන් පසුව අගමැති ධුරයට පත් වූ පැතොන්ටාන් හිටපු අග්‍රමාත්‍යවරයෙකු වන තක්සින් සිනවත්‍රාගේ දියණියයි.