ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පිරිස් වෙනත් දේශපාලන ප්රවාහයන් සමඟ සම්බන්ධවීම පිළිබද කණගාටුවක් ඇතත් පක්ෂයේ ප්‍රතිපත්ති සමඟ ඉදිරි දේශපාලන කටයුතු සිදුකරන බව ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
නාමල් රාජපක්ෂ මහතා අලුත්ගම ඓතිහාසික කන්දෙ රජමහා විහාරස්ථානයට පැමිණ ආගමික වතාවත්වල නිරත වුණා.
අනතුරුව ඒ මහතා විහාරාධිපති පූජ්‍ය කොක්කාවිට විපුලසාර ස්වාමීන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත්තා.