සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා යුරෝපා සංගමයේ සහ පොදුරාජ්‍ය මණ්ඩලයේ මැතිවරණ නිරීක්ෂකයන් පිරිසක් මෙරටට පැමිණ ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඔවුන් මෙරට පැමිණ සිටින්නේ මැතිවරණ කොමිසමේ ආරාධනයකට අනුවයි.
යුරෝපා සංගමය මීට පෙර හය වතාවක් ශ්‍රී ලංකාවේ මැතිවරණ නිරීක්ෂණ සිදු කර ඇති අතර අවසන් වරට 2019 ජනාධිපතිවරණයේදී ඔවුන් නිරීක්ෂණ කටයුතු සඳහා එක්වී තිබෙනවා.