Sat. Jun 28th, 2025

පාසල් සහ සරසවි ගැන තීරණයක්

Aug19,2024

බංග්ලාදේශයේ වසා දැමුණු පාසල් හා විශ්වවිද්‍යාල නැවත විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.

රැකියා කෝටා ක්‍රමය ප්‍රතිසංස්කරණය කරන ලෙස ඉල්ලා පැවැති උද්ඝෝෂණ හා ගැටුම් හේතුවෙන් එරට පාසල් හා විශ්වවිද්‍යාල පසුගිය ජුලි 17 වැනිදා සිට වසා දැමීමට එරට බලධාරීන් පියවර ගෙන තිබුණා.

මාසයකට අධික කාලයකින් පසු බංග්ලාදේශයේ පාසල් හා විශ්වවිද්‍යාල නැවත විවෘත කරන ලෙස එරට අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දී තිබෙනවා.

මේ අතර බංග්ලාදේශ අන්තර්වාර රජයේ උපදේශක මුහම්මද් යුනුස් සිය ප්‍රතිපත්ති එළිදක්වමින් සිදු කළ පළමු කතාවේදී එරට සරණාගතයින් ලෙස සිටින මිලියනයකට අධික රොහින්ජ්‍යාවරුන්ට සහාය දෙන බවට පොරොන්දු වී තිබෙනවා.

එමෙන්ම ආර්ථිකයට වැදගත් ඇඟලුම් කර්මාන්තය පවත්වාගෙන යාමට ප්‍රතිඥා දී ඇති බවයි වාර්තා වන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *