නිකිණි පුර පසළොස්වක පොහොය අදට (19) යෙදී තිබෙනවා.
වස් එළඹීම, ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හිමියන් රහත්වීම, ප්‍රථම ධර්ම සංගායනාව ආරම්භ කිරීම වැනි ප්‍රධාන කරුණු ගණනාවක් හේතුවෙන් බෞද්ධ ජනයාට මෙම පොහොය වැදගත් වෙනවා.
දිවයිනේ සියලුම විහාරස්ථානවල පාහේ දාන, සීල, භාවනා සහිත පුණ්‍ය වැඩසටහන් අද දින ක්‍රියාත්මක කෙරෙනවා.