Sat. Jun 28th, 2025

ජැක්සන්ගේ පවුල බුදුන්ගේ පවුල හැර යයි

අභාවප්‍රාප්ත ප්‍රවීණ නළු ජැක්සන් ඇන්තනී මහතාගේ බිරිඳ වන කුමාරි මුණසිංහ මහත්මිය එළඹෙන ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය පළ කරමින් සමගි ජන බලවේගය හා එක්වී තිබෙනවා.

එසේම ඇය ගම්පහ දිස්ත්‍රික් සංවිධායක ධුරයට පත් කිරීමට විපක්ෂ නායකවරයා කටයුතු කර තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් සජිත් ප්‍රේමදාසට සහය පළ කරන ජ්‍යෙෂ්ඨ දේශපාලඥයන් විරෝධතා පළ කර ඇති බවත් පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.

එක්තරා රියැලටි වැඩසටහනකදී රාජපක්ෂවරුන් බුදුන්ගේ නෑයන් වන බවත්, ඒ සඳහා ඓතිහාසික සාක්ෂි පවතින බවත් ජැක්සන් ඇන්තනි මහතා ප්‍රකාශ කළා. රාජපක්ෂ පවුල නියෝජනය කරන නාමල් රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන පසුබිමකයි, කුමාරි මුණසිංහ මහත්මිය විපක්ෂ නායකවරයාට සහය පළ කිරීමට තීරණය කර ඇත්තේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *