ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට පත් වූ අධිකරණ අමත්‍ය ධුරයද දැරූ විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයට පත් කරනු ලැබුවේ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනපතිවරයා විසිනි.
මේ හේතුවෙන් එම පක්ෂයේ විවිධ ගැටුම් ඇති වුණු අතර මේ වන විට එම පක්ෂය ඇත්තේ විවිධ පාර්ශ්ව ගණනාවකට බෙදී ගොස් තැන් තැන්වල ය.
හදිසියේ කොහෙවත් සිටි විජයදාස රාජපක්ෂ වෙත ශ්‍රීලනිප සභාපති කර ජනපති හීනයක් ද ඔහුගේ ඇඟේ ගැසුවේ මෛත්‍රී ය. එලෙස කළ හේතුව පැහැදිලි නැතත්, පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභාවක් කැඳවා මෛත්‍රී ඔහු ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කළේ ය.
එහෙත් ඉන් පසු මේ වන විට ඔහු විජයදාස අතහැර නිෂ්ක්‍රීය වී සිටින බව පෙනේ. දේශපාලන කරළියේද ඔහු නිහඬව සිටී.
එපමණක් නොව, ඔහු ජනපතිවරණයේදී කිසිම අපේක්ෂකයෙකුට සහය නොදෙන බවටද ප්‍රකාශයක් කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරනු ලැබුවේ ය.
ඒ අතර පසුගිය දා විජයදාස රාජපක්ෂ ජනපති අපේක්ෂකයා ලෙස කැඳවූ මාධ්‍ය සාකච්ඡාවේදී නැගූ පැනයකට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ මෛත්‍රී සහය ලැබුණත් නැතත් තමන් ආරම්භ කළ ගමන ඉදිරියට යන බවයි.
මෛත්‍රීපාල සිරිසේන යනු කුමක් කරන්නේදැයි කිසිදු අවස්ථාවක විශ්වාස කළ නොහැකි අයෙකු බව දේශපාලන ක්ෂේත්රයේ දැන් පවතින මතයයි. කෙසේ වෙතත්, මේ සිදුවීම් දාමයෙන් පෙනී යන්නේ යම් කිසි හේතුවක් නිසා සාකච්ඡා කරගත් වැඩපිළිවෙල පසෙක දමා මෛත්‍රී විජේදාස වෙත පොල්ලක් තබා ඇති බවයි. විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා තනිවී ඇති බවයි.