2024 ජනපතිවරණය වෙනුවෙන් ඉදිරිපත් වන අපේක්ෂකයන් ඒ සඳහා ප්‍රචාරක වියදම් ලෙස රුපියල් කෝටි 3000ක් පමණ වියදම් කරනු ඇතැයි දේශපාලන නිරීක්ෂකයෝ මත පළ කරනවා.
එක් ඡන්ද දායකයෙක් වෙනුවෙන් රුපියල් 400ක පමණ මුදලක් එක් අපේක්ෂකයෙක් දරනු ඇති බවයි ගණනය කර ඇත්තේ.
දිස්ත්‍රික් මට්ටමේ ප්‍රධාන රැළියකට පමණක් රුපියල් ලක්ෂ 70ක පමණ මුදලක් වැය වන බව අනාවරණය වී තිබෙනවා.
මැතිවරණ වියදම් සීමා කිරීමේ පණතද බලාත්මක බැවින් සියලු වියදම් පණතට අනුව නිර්ණය වීමද සිදු කෙරෙන බව සඳහන්.