Sat. Jun 28th, 2025

සිවිල් ආරක්ෂක බලකායේ 350ක දීමනාව 500 වෙයි

Aug16,2024

සිවිල් ආරක්ෂක බලකායේ නිවසක් නොමැති සාමාජිකයන් හට නිවසක් ඉදිකර ගැනිමටත් පවතින නිවාස වල අලුත්වැඩියා කටයුතු සිදු කර ගැනීමටත් අවශ්‍ය කරන ශ්‍රම දායකත්වය සිවිල් ආරක්ෂක බලකාය වෙතින් ලබා දීමට රජයේ තීන්දු කොට තිබෙනවා.

මෙහිදී පලමු අධියර යටතේ සාමාජිකයන් 100 දෙනෙකු සඳහා මෙම වැඩපිලිවෙල යටතේ සහන සැලසෙනු ඇති බවයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කලේ.

තවද, වසර ගණනාවක සිට සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයන් විසින් සිදු කල ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් ඔවුන් සදහා දැනට රු.350 ක් ලෙස ලැබෙන දෛනික සලාක දිමනාව රු.500 ක් දක්වා ඉහල නැංවීමට රජයේ තීන්දු කර තිබෙනවා.

රටේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ ඔවුනට ලැබෙන දෛනික සලාක දීමනාව ප්‍රමාණවත් නොමැති බව සලකා බැලීමෙන් අනතුරුව මෙම සලාක දීමනා අගය වැඩිකිරීමට රජය තිරණය කර ඇති අතර, එමගින් යම් මට්ටමකට ඔවුන්ගේ ජිවන තත්වය ස්ථායි කර ගැනිමට පිටුවහලක් වනු ඇති බවද රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් මෙහිදී තවදුරටත් ප්‍රකාශ කළා

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *