තායිලන්ත අගමැති ශ්‍රේත්තා තවීසින් ධුරයෙන් ඉවත් කිරීමත් සමඟ හිස්වු ධුරය සඳහා පියු තායි පක්ෂ නායිකා පේටොන්ටාන් ෂිනවත්‍රා පාර්ලිමේන්තු ඡන්ද විමසීමෙන් තේරී පත් වුණා.
37 හැවිරිදි ඇය තායිලන්තයේ හිටපු අගමැතිවරයෙක් වන තක්ෂින් ෂිනවත්‍රා මහතාගේ දියණියක්.
ඇය වාර්තා අතරට එක වන්නේ එරට අගමැති ධුරයට පත් වූ ලාබාලතම පුද්ගලයා ලෙසයි.
එමෙන්ම ඇය ගෙවුණු දශක දෙකක කාලය තුළ දී ෂිනවත්‍රා පරම්පරාවෙන් තායිලන්ත අගමැති ධුරයට පත් සිව්වන දේශපාලනඥයා වීමත් විශේෂත්වයක්.