Sun. Jun 29th, 2025

එල්ටීටීඊය තවමත් ත්‍රස්තවාදී සංවිධානයක් – කැනඩාව තීරණය කරයි

Aug16,2024

එල්ටීටීඊ සංවිධානය තවදුරටත් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස හැඳින්වීමට කැනඩාව තීරණය කර තිබෙනවා.

එල්ටීටීඊ සංවිධානය සම්බන්ධයෙන් කැනඩාව ගත් තීරණය ශ්‍රී ලංකාවේ පැසසුමට ලක් වන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

එල්ටීටීඊ සංවිධානයට අමතරව ලෝක දමිල ව්‍යාපාරය ද මෙලෙස තවදුරටත් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස හඳුන්වන බව කැනඩාව ප්‍රකාශයට පක් කර තිබෙනවා.

එල්ටීටීඊ සංවිධානය තවදුරටත් අරමුදල් රැස් කිරීම හා ප්‍රසම්පාදන ජාලයක් ක්‍රියාත්මක කරන බවට කැනඩාව මෑතකදී සිදු කළ පරික්ෂණයකින් අනාවරණය වීමත් සමගයි මෙම තීරණය ගෙන ඇත්තේ.

එමෙන්ම ලෝක දමිල ව්‍යාපාරය එල්ටීටීඊ සංවිධානයේ ක්‍රියාකාරකම් සදහා පහසුකම් සළසන බවට එහිදී හෙළි වී තිබෙනවා.

කැනඩාව සිදු කළ පරික්ෂණය අනුව එල්ටීටීඊ සංවිධානය තවදුරටත් තර්ජනයක් වන බවටයි  තහවුරු වී ඇත්තේ.

2006 වසරේ අප්‍රේල් 06 වන දින කැනඩාව පළමු වරට එල්ටීටී සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කරනු ලැබුවා.

සෑම වසර 05 කට වරක් තහනම් කරනු ලැබූ සංවිධාන පිළිබද පූර්ණ පරික්ෂණයක් සිදු කර ඔවුන්ගේ තත්ත්වය
සම්බන්ධයෙන් තීරණය කරනු ලබනවා.

මෙම වසරේ ජුනි මාසයේදී එල්.ටී.ටී.ඊ සංවිධානය සම්බන්ධයෙන් සිදු පරික්ෂණයකින් අනතුරුවයි මෙම තීරණය ගනු ලැබුවේ.

එල්.ටී.ටී සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස කැනඩාව අඛණ්ඩව නම් කළ තුන්වන වාරය ලෙසට ද මෙහි දැක්විය හැකියි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *