Sun. Jun 29th, 2025

ඊශ්‍රායල ගමක් ඇවිලෙයි

Aug16,2024

ඊශ්‍රායල පදිංචිකරුවන් විශාල පිරිසක් රැඳී සිටින බටහිර ඉවුරේ ගමක නිවාස සහ මෝටර් රථ ගිනි තබා පුද්ගල ඝාතන ද සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසන්නේ වෙස් මුහුණු පැළඳගත් පිරිසක් ඊයේ සවස නැග්ලුස් නගරයට ආසන්න ජිට් ගම්මානයට මෙම පහරදීම සිදුකර ඇති බවයි.

කෙසේ වෙතත් පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය මෙය ප්‍රතික්ෂේප කරනවා.

මෙම අපරාධය මෙන්ම ඕනෑම සාපරාධී ක්‍රියාවකට වගකිවයුතු අය අල්ලා දඬුවම් ලබා දෙන බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසා තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *